Posts

දොඩමළු මගෙ හිත....

Iඉහින් කණින් දහඩිය පෙරාගෙන දහසකුත් දෙනා දුවන බොරැල්ල හන්දිය කියන්නෙ කොයි මොහොතක බැලුවත් ජනාකීර්ණ තැනක්..... ඉර බෝලෙ ගිණියම්වෙලා පහලට කඩා වැටිලා වගේ,පුදුම රස්නයක් දැනෙන්නෙ ..මගෙ හිත මටම කියනවා...කියනවා විතරයැ ඒ රස්නෙට පිච්චෙනවා..කුඩයක් තිබුනත් අකීකරු ඉර ,ඒවා තඹේකට මායිම් නොකළ ගානයි. හප්පේ ඉතිං ඉරට බනින්ටත් හොඳ නෑනෙ... මොකද ලෝකෙ පවතින්නේ මවගේ කිරි වලින් සහ හිරුගේ රැස් වලින් කියල කියල තියනවනේ... කොහේ යතත් මගෙ තනියට මගෙ අත් බෑග් එකේ උන්නු වතුර බෝතලෙත් හිස්වෙලා.. එකපාරටම මගෙ හිතට ආව අදහස ක්‍රියාත්මක කරන්න ආයෙ දෙවරක් හිතුවෙ  නෑ...හ් ළඟම තිබුන බාර් එකට ඇතුළු වුනා මන් හරිම වේගෙන්...බාර් එක කිව්වෙ ජූස්බාර් එකට... ඉස්සර වගෙ නෙවෙයි ....පලතුරු කඩයක් තියේනම් එතනම ජූස් බාර් එකක් වරදින්නෙ කලාතුරකින්.... මේකත් එහෙම එකක් තමයි.. එක අතකට ඒකත් එක අරපිරිමැස්ම පාඩමක් වගෙ තමයි.. ඇවකාඩො  එකක් ඇනවුම් කරල වටපිට ඇස් කරකද්දි ඇහැට හසුවුනේ ඇහැට හරිම සනීපයක් ගෙනාව වර්ණ සංකලනයක් ඇති පින්තුරයක්.......... හ්හ්හ්ම්ම්ම් හරිම සනීපයක්..... නිල්ම නිල්පාට ආකහේ ගෑවෙන නිල් පාට මහ මුහුද... සුදුපෙණ පිඩු පෙරටු කරන් ව

වෙනස් කවි....3##දේදුණු කවි##

වසර සියගණනක්ම වියපත්ව මෝරලා සැබෑ සෙනෙහස කැටිව වියනක්ව බේරිලා පතල රැකවරණයකි ළපටි පැල තෝරලා නෙතඟ කඳුලක් පිපෙයි අරුම ඔබෙ තේරිලා දසන් මුතු පෙණ බුබුලු විහිද විහිදා ගලන විටෙක දඟකාරයෙකි ඉවුරු ඉම බිඳ දමන තියුණු ගල්කුළු මතුයෙ හැපී ගිම් නිති නිවන සුනිල දිය කඳුරුවල රැකවරණෙ ඔබ පමණ තුමුල ගිජිඳකු ගතද පිරිමදින තෙත ලයකි කලට වැසිදිය බිඳක ඇරඹුමද හිමි සෙයකි නිලට නෙත සිත නිවන නිවහනකි සුව තැනකි ඔබට සෙනෙහස පිදුම ලැබුන මගෙ පෙර පිනකි පිළිසරණ සොයන මුදු වාරුවක් සොය සොයා කිසිවිටක නොදුටු ඇස විලස නොසිටියි පියා දෑත පා හද පෙමින් ලතාවට දී දයා නුඹ කුසය දැකගන්ට ඉඩ හසර දුනි ලියා කුරුළු කූජන පිරුන වන පෙතම රස ඉතිර ලදළු වුව සැලෙන්නෙද තාලයට මෙනි විසිර අතු අගිසි නිවහන් ය පැටියන්ට ඇති මිහිර රෝ දුකට ඔසු විලස සැලසුවා සෙත නිතර ##තුෂා##

ඇහෙන දකින වෙනස් කතා..

ඇස නැවතුණු තැන්-2 http://paatadedunu.blogspot.com/2017/08/2.html

ඇස නැවතුණු තැන්-2

හම්මේ, අක්කෙ මටත් දෙන්නකො ඔය ටිකට් පහක්ම...ආහ්..මේන් රුපියල් 100ක්.. ****** නැන්දෙ බලන්නකො ඊයෙ මහජන සම්පත මටත් දිනුමක් දීලද කියල.. ******* කුසුමලතා රේඩියෝවෙ සද්දෙ ටිකක් අඩු කළා.. හරි හරි මලේ, .මේන් ටිකට් පහ  ...ජයමවේවා...! සුපුරුදු විදියට හිතේ කහටක් නැති ප්‍රාර්ථනාව කුසුමලතාගෙ ... පිරිසිදු හිනාව එක්කමයි.. අනේ වාසනාවන්..බලමු පුතාගෙ ටිකට් එක.. ඔ ඕ..ඇදිලා තියෙන්නෙ k අකුරට නෙ... ම්හ්හ් නෑ නෙ පුතේ දිනුමක්.. මුකුත් හිතන්ට එපා ...හිතේ කහටක් තියාගන්ට කාරි නෑ..පුළුවන් වෙලාවට ගන්ට පුතේ ටිකට් එකක්...දිනුමක් නොවරදවා ලැබෙනවා පුතාට ළඟදිම... ඔව් ළඟදීම..... එකකින් දෙකකින් උත්සාහය අත්හැරපු මිනිස්සු කවදාවත් දිණුවෙ නෑ පුතේ.... දිනුවෙ කම්මැලි නැතුව උත්සාහය අතනෑර උනන්දුවෙන් පසුනොබා මහන්සි වුන අය පුතේ... පුතා දිනනවා.....ඔව් ළඟදීම.... මන් එන්නම්....ජයවේවා..! හඬ අඩුකරපු රේඩියෝව ආයෙමත් වැඩිකරගෙන බයිසිකලේ පැඩල් එකට කුසුමලතා හොඳින් බරදීලා පෑගුවා... ******** මේ ලොතරැයි බයිසිකලේ පාගන්ඩ තමන්ගෙ හිතට ආවෙ කොහෙ තිබ්බ හයියක්ද කියල හිතනකොටත් පුදුමයි... දිනක ජය නියත වුනේ මහජන සම්පත ගත්ත හැමෝටම නොවුනත්

ලේසියට හදන එක එක කෑම ජාති-1#දේදුණු#

ස්ටීම්ඩ් කොෆී කේක් ----------------------------------- සමහර දවස්වල විවේකීව ඉන්නකොට හිතෙනවනෙ දැන් උණු උණුවෙන් දුම්දාන ඉඟුරු තේ එකක් තිබ්බොත් හොඳයි කියලා .... එහෙම නේද .. ඒත් එක්කලා ඔන්න මට සමහරදාට මෙහෙමත් හිතෙනවා ..අපි පුංචි කාලෙ කාපු රසම තියෙන හුළං විස්කෝතුවක් තිබ්බ නම්  ......, අර රසම රස ඉඟුරු  ඇඟිල්ලක් හරි ,සීනිබට්ටෙක් හරිවත් තිබ්බනම්  ,තේ කහට එකේ පොඟවන් කන්න කියලා... අපට වයස ගියාට පොඩි කාලෙ කාපු බීපු ඒ සරල කෑම බීම රහට හිත තාමත් අකමැත්තක් ඇත්තෙම නෑ... ඔයාලටත් එහෙම දේවල් කොතෙකුත් ඇති.. ------------------------------------------------------------------- ඉතිං මන් මේ මොනවා කිව්වත් මේ හදන්න කියන්නෙ ඔය එකක්වත් නෙවෙයි.. වෙනස් දෙයක් .... ලේසියි ....රසයි...... කොෆී කේක්...ස්ටීමර් එකේ තමයි හදන්නෙ ..... 😀 ඒත් මේ කේක් කෑල්ලක් කාලා රසම රස ඉඟුරු තේකක් උණුවෙන් බිව්වම කොහොමද දැනෙන ...ගතිය කියලා හදලා ,කාලා බලලම කියන්ඩලා.... අවශ්‍ය ද්‍රව්‍ය --------------- පාන් පිටි 150g බටර් 150 g සීනි 150 g බිත්තර 2 බේකින් පවුඩර් තේ හැඳි 2 නෙස්කැෆේ තේ හැඳි 2 පිටිකිරි මේස හැඳි 2 ස්ටීම් කිරීමට

ඇස නැවතුණු තැන්.....

හැමදාමත් උදාගිරගින් පායන හිරු ,රශ්මිය විහිදවාගෙන පොළෝ මහී කාන්තාව දිහා බලනවා..ඒ නමුත් මහා කඩිමුඩියක්වත් කිසිම අලසකමක්වත් කිසිදා පෙනුනෙ නෑ..හැමදාමත් මේ එළිය යාන්තමින් බිම සිපගනිද්දි ,මුලින්ම නොඉඳුල් සුළං රැල්ලක පහස විඳින්න උකටලී නොවුනෙ කුරුළු කොබෙයියො උනාට හැම ගෙදරක අම්මත් මේ සුළං රැල්ල වින්දා... ඒත් ඒක වින්දම නෙවෙයි..ඉබේ වින්දවුනා කිව්වොත් තමයි හරි..ඒ මොකද රැයේ නිවා දමපු ලිපට අලුයමින් ජීවය දීලා යමක් මුළු පවුලටම එක්ක ලිප තිව්වෙ ඇය..ඇයට අලුතින් පරිසරයෙ හැඩතල බලන්න වෙලාවක් පාන්දරම නම් තිබ්බෙ නෑ.. අපි පුංචි කාලෙ ඉඳලම දැක්ක එක දෙයක් තිබුනා .මන් හිතෙන්නෙ ඒක හැම ගෙදරකටම වගෙ අදටත් වලංගු දෙයක් කියල.. ඒක.. මොකක්ද දන්නවද...? හදිසියෙ වුනත් අම්ම කෙනෙකුට ගෙදර දොර වහලා ගෙදරින් පිටවෙන්න හැකියාවක් තිබ්බෙ නෑ..ඇයගෙ හිතේ නිරන්තරයෙන්ම හිටියෙ ඇයගෙ කුටුම්භය.. සැමියා,,   ....දරුවො...හිත නිරන්තරයෙන්ම වද වුනා.. දරුවොන්ගෙත් සැමියගෙත් ඕනෑ එපාකම් බලල සියලු අඩුපාඩුකම් පිරියම් කරල තමයි ඇය දොරෙන් එළියට පියවරක් තිබ්බෙ.. ඒ විදියට ගියත් ඇය වහාම ගෙදරට එන්ට ඕනෑය කියන හැඟීමෙන්මයි පෙළුනේ.. අද දවසේ ගැහැණියටත් සමතැන